සුළු ජාතීන් වුණු පළියට අප බෙදුම්වාදීන් විදියට සලකන්නේ ඇයි? – මුස්ලිම් කොංග‍්‍රසයේ ලේකම් හසන් අලි
තරිඳු උඩුවරගෙදර ඔබේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සෙ සුසිල් ප්‍රෙම්ජයන්ත් ඇමතිවරයා කියනවා හකීම් රටෙන් කලාපයක් ඉල්ලලා ඒක දෙන්න ආණ්ඩුව අකමැති ...


තරිඳු උඩුවරගෙදර
ඔබේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සෙ සුසිල් ප්‍රෙම්ජයන්ත් ඇමතිවරයා කියනවා හකීම් රටෙන් කලාපයක් ඉල්ලලා ඒක දෙන්න ආණ්ඩුව අකමැති වුණ නිසා තමයි මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ගියේ කියලා. නමුත් 2012 සැප්තැම්බර් 7 වෙනිදා වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් ගැන යෝජනා සහිත ගිවිසුමට ආණ්ඩුවෙන් අත්සන් කළෙත් සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇමතිවරයාම නේද?
මුලින්ම මේ යෝජනාව ගැන පැහැදිලි කරන්න ඕනෑ. මෙය හකීම්ගේ නෙවෙයි අෂ්රොෆ් මහත්මයාගේ යෝජනාවක්. ඒක කොහෙත්ම රට බෙදන්න ගෙනා යෝජනාවක් නෙවෙයි. දෙමළ කතා කරන ජනතාව විතරක් ඉන්න ප‍්‍රදේශයක පරිපාලන පහසුව සඳහා මධ්‍යම ආණ්ඩුවට යටත් පරිපාලන ඒකකයක් විතරයි ඉල්ලූවේ. බෙදුම්වාදයක් නෙවෙයි. වෙනම රටක් නෙවෙයි. අපි කලිනුත් මේක පැහැදිලිි කරලා තියෙනවා. නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුව හදන්න සන්ධානය අපේ සහාය ඉල්ලූ වෙලාවෙ මේ ගැන සාකච්ඡුා කරලා තමයි ඔබ කියන ගිවිසුමට ඔවුන් එකඟ වුණේ. සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා තමයි ආණ්ඩුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේ. ගිවිසුමක් විතරක් නෙවෙයි අපි සමඟ කළ සාකච්ඡුාවලදී ආණ්ඩුවේ ඇමතිවරුන් හත්දෙනෙක් අපේ යෝජනා නිවැරදියි කියලා එකඟ වුණා. අපි ආණ්ඩුවෙන් යනකන්ම මේ මේ දේවල් ඕනෑ කියලා කියනකොට එකඟ වුණා. ආණ්ඩුව දිගටම කියලා තියෙන්නේ බොරු. ඔවුන්ට තවත් කාලයක් දෙන්න බැහැ. ආණ්ඩුව සුළු ජාතීන්ට ඉතාම පහත් විදියටයි සලකන්නේ. සුළු ජාතීන් වුණු පළියට අප බෙදුම්වාදීන් විදියට සලකන්නේ ඇයි? ආණ්ඩුවේ ඉන්නකන් හොඳ වෙන්නත්, ගියාම නරක වෙන්නත් හේතුව මොකක්ද? කලින් ඉඳන්ම ජනතාව අපට කිව්වා ආණ්ඩුව අත්හැරලා එන්න කියලා. අපි පුළුවන් තරම් ඉවසුවා. බැරි තැන තමයි ආවේ.
ඔබ ආණ්ඩුවෙන් ආවේ පොදු අපේක්ෂකයා සමඟ ගිවිසුමක් ඇති කරගෙනද?
විපක්ෂය එක්ක ගිවිසුමක් නැහැ. ආණ්ඩුව එක්කයි මෙතෙක් ගිවිසුම් සහ එකඟතා තිබුණේ. ආණ්ඩුව අපට බොරු කරමින් කාලය නාස්ති කළා. ඒ නිසයි එළියට ආවේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා ආයතන ස්වාධීනත්වය ඇති කරන්න විපක්ෂයට සහයෝගය දෙනවා.
මුස්ලිම් කොංග‍්‍රසයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ලබාගැනීම ඇතුළු මෛත‍්‍රීගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තියෙන කරුණු ඇරුණාම වෙනත් ඉල්ලීම් තියෙනවාද?
නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ඇතුළු මේ ප‍්‍රතිසංස්කරණ අපට ලැබෙන වරප‍්‍රසාදයක්. මට ඉතාමත්ම සතුටුයි මේ ඇතිවෙන්න යන වෙනස ගැන. අපටත් අවශ්‍ය පළවෙනි දේ ඒක.
මහින්ද රාජපක්ෂත් අලූත් ව්‍යවස්ථාවක් ගැන කියලා තියෙනවා නේද?
ඒවායෙන් වැඩක් නැහැ. එයා 2005දිත් ඒක කිව්වා. 2010දිත් කිව්වා. මහින්ද චින්තනයේ තිබුණා. දැන් ආයෙමත් කිව්වට වැඩක් නැහැ. කරන්න තිබුණා. රතන හාමුදුරුවෝ ජනාධිපතිවරණයට කලින් මේ වෙනස කළේ නැත්නම් සහයෝගය දෙන්නෙ නැහැ කිව්වා. ඒක ඇහුවෙත් නැහැ. මෙච්චරකල් තුනෙන් දෙකේ බලයත් තිබුණා. දැන් ආණ්ඩුව ඒකත් නැතුව බොරු පොරොන්දු දීලා වැඩක් නැහැ.
ඔබේ පක්ෂය ඉවත් වෙන්නත් කලින්ම මුස්ලිම් ජනතාව තීරණයක් අරගෙන තිබුණා නේද?
ඇත්තටම ඔව්. අපි නෙවෙයි ජනතාවයි තීරණය ගත්තේ. ඒකට ආණ්ඩුව වගකියන්න ඕනෑ. මුස්ලිම්, දෙමළ ජනතාව විතරක් නෙවෙයි සිංහල ජනතාවත් ආණ්ඩුවට විරුද්ධව තීරණයක් අරන් තියෙනවා. අපි කළේ ජනතාවගේ පැත්තට ආ එක.
නැගෙනහිර පළාත් සභාවේ ඇමතිකම් අතහැරියත් ඔබේ පක්ෂය දිගටම සන්ධාන ආණ්ඩුවක ඉන්න තීරණය කළේ ඇයි?<?span>
ජාතික දේශපාලනයේදී අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තීරණයක් අරන් තියෙනවා. නමුත් අපට පළාත් සභාවෙදී දෙමළ පක්ෂ සමඟ එක්වෙලා ආණ්ඩුවක් හදන්න බැහැ. ඔවුන් සමඟ යම් යම් ප‍්‍රශ්න තියෙනවා. ඒ නිසා පළාත් සභාවේ බලය තියාගන්න ආණ්ඩුවට උදව් කරනවා. අයවැයටත් සහාය දෙනවා. ජාතික දේශපාලනය සහ පළාත් දේශපාලනය වෙනස්. අපි කුමන්ත‍්‍රණ කරන්නේ නැහැ.