“මෛත්‍රීගේ ජය සහතිකයි” – දෙස් විදෙස් ජ්‍යෝතිෂ්‍යවේදීන් පෙන්වා දෙති
රටේ සිටින රාජ්‍ය නායකයා වෙනස්වන ග්‍රහචාරයක් ලංකා කේන්ද්‍රයේ ඇතිබව ස්වාධීන ජෝතිෂ්‍යවේදී සංගමයේ සභාපති ප්‍රවීණ ජෝතීර්වේදී පී.ඞී. පෙරේරා මහතා ඊ...
http://kandyskynews.blogspot.com/2015/01/blog-post_43.html
“මම වසර 40කට පමණ කාලයක් ජෝතිෂ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. 1983 ජනමත විචාරණය අවසථාවේදීත් 1970 සිරිමවෝ බණ්ඩාරනායක මැතිණිය පිළිබදවත් මම නිවැරදි අනාවැකි ඉදිරිපත් කළා. එක් පුවත්පතක් මගින් මෙම වර්ෂයේ ජනාධිපතිවරණයක් පවත්වන බව සදහන් කළා. ඒ වගේම මෙම වර්ෂයේදී පාර්මේන්තුවේ තුනෙන් දෙකේ සංයුතිය අවසන් වන බවත් සදහන් කළා. අද ඒ සියලල්ම සිදු වී තිබෙනවා. අද වන විට මව, පියා, දෙමව්පියන් දරුවන් පවා දේශපාලනය නිසා බෙදී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට 2005 දීත් 2010 දීත් ඡන්දය ලබා දුන්නා. නමුත් දෛවඥයෙක් ලෙස සැමවිටම ස්ථාවරව අනාවැකි ඉදිරිපත් කළයුතුය. මේවන විට රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රය දරුණු ඒරාෂ්ඨකයක් ගතවෙමින් තිබෙනවා. එවිට පරාජිත තත්වයට, මානසික පීඩාවන්ට මෙන්ම අපහස වලටද මුහුණදීමට සිදුවේ.
මෙහිදී අදහස් දැක්වූ ස්වාධීන ජෝතිෂ්‍ය සංගමය භාණ්ඩාගාරික ජෝතිර්වේදී ගාමිණී බුලත්සිංහල මහතා, “මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ ඒරාශ්ඨක බලපෑමක් තිබෙනවා. මෙහිදී දරුණු කඩාවැටීම්, ධනය විනාශවීම් සිදුවෙනවා. තම පක්ෂයේම කණ්ඩායමක් ඔහුට විරුද්ධව පක්ෂයෙන් ඉවත්වීම මගින්ම එය පැහැදිලි වෙනවා. fමි වකවානුව තුළදී ඔහුට පරාජය උරුමයි. 1951 සැප්තැම්බර් 3 වනදා උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ, ලංකාවේ අන් දේශපාලඥයින්ට වඩා ඉතා බලවත් යෝග ඇත. අන්තර්ජාතික වශයෙන් ප්රසිද්ධියකට පත්වීමට හැකියාව තිබේ.
මෙම අවස්තාවට සම්බන්ධ වූ කේ.ඒ.යූ. සරත්චරන්ද්ර මහතා, “ අපිට ස්වාධීනව අපේ අදහස ඉදිරිපත් කරන්න අද කිසිම මාධ්‍යයකින් ඉඩක් ලැබෙන්නේ නෑ. ලංකාවේ 2016 වනතුරු සුදුසු වටපිටාවක් නෑ. ජනාධිපතිවරයාගේ කේන්ද්‍රයේ සෙනසුරු තුන් වෙන්නේ ගමන් කරනවා. රජව සිටියත් පහතට වැටෙනවා. නොවැම්බර් 21 ජනාධිපතිවරණයට අත්සන් තබනු ලැබුයේ හමස්මර යෝගය යෙදී ඇති මොහොතකය. එහිදී යමක් ඇරඹූ මොහොතේ සිට සියල්ල අසාර්ථක වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ සුවිශේෂ යෝගකාරක පවතී. ලෝක ප්‍රකට ඉන්දියාවේ ජෝතිර්වේදියෙක් වන කණත් බොස්මියා ඡන්ද දින තත්කාලය බලා සදහන් කර තිබෙන්නෙත් අනිවාර්්‍යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවයි.”