යුධහමුදාව යොදා ඡන්ද වැළැක්වීමේ උපක්රමයක් – රනිල්
යුධ හමුදාව යොදා ඡන්ද වැළැක්වීමේ උපක්රමයක් ක්රියාත්මක කරන බව රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඒ පිළිබද ආරක්ෂක අංශවලින් තොරතුරු ලැබෙන බව ඒ මහත...
http://kandyskynews.blogspot.com/2015/01/blog-post.html
යුධ හමුදාව යොදා ඡන්ද වැළැක්වීමේ උපක්රමයක් ක්රියාත්මක කරන බව රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඒ පිළිබද ආරක්ෂක අංශවලින් තොරතුරු ලැබෙන බව ඒ මහතා ප්රකාශ කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..
යුද හමුදා නිලධාරීන් මැතිවරණ ක්රියාවලියේ දී බාධා සිදු කිරීම් සඳහා යොදවා ගැනීමේ සැලැස්මක් තිබෙනවා. ඔවුන් ලවා උතුරු නැගෙනහිර පලාත්වල මෙන්ම තවත් පළාත්වල ජනතාව ඡන්ද ප්රකාශ කිරීම වැළැක්වීමේ උත්සාහයක් තිබෙනවා, මෙම ක්රියාවලියට විශ්රාමික හමුදා නිලධාරීන් යොදවා ගෙන ඇති බවට දැනගන්න ලැබී තිබෙනවා.
“මේක කරන්න යන්නේ විශ්රාමික හමුදා නිලධාරීන්ගේ ප්රධානත්වයෙන්. ඔවුන් දැනට සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සමඟ සම්බන්ධව තමයි මේ කාර්ය කරන්න යන්නේ. පුහුණු වැඩ සටහන්ද සිදු කරලා තියෙනව” යුද හමුදාව මැතිවරණ ක්රියාවලියේ යොදවා ගැනීමේ වැඩ පිළිවෙළට අදාළ ලේඛන තුනකින් පළමුවැන්න තමන්ට යුද හමුදාව තුලින්ම ලැබී ඇති බව ඒ මහතා සදහන් කරයි